අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සාකච්ඡාව මෙරට වේලාවෙන් අද අලුයම 01යි 15ට පමණ පැවැත්වුණා. ඒ, අමෙරිකාවේ ඇලස්කාවේ එල්මෙක්ඩෝෆ්, රිචඩ්සන් හමුදා කඳවුරේදීයි. දැඩි ආරක්ෂක රැකවල් මැද ඇලස්කාවට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වසර 06කට පසු දෙරටේ නායකයින් එලෙස හමුවී ඇත්තේ රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීම අරමුණ කර ගනිමින් සාකච්ඡා කිරීමටයි. එහිදී යුක්රේන යුද්ධය අවසන් කිරීමට තම රට කැපවී සිටින බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ස්ථිරසාර විසඳුමක් සඳහා යුද්ධයට හේතුවූ ප්‍රධාන කරුණු දිගු කාලීන එකඟතාවකින් ඉවත් කළ යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. කෙසේවෙතත් රුසියානු ජනාධිපතිවරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වුවද අවසන් එකඟතාවකට නොපැමිණි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
Published