මැදවච්චිය, තල්ගහවැව ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා

ඊයේ රාත්‍රී 8.30 ට පමන මෙම අනතුර සිදුවූ බවයි මැදවච්චිය පොලිසිය සඳහන් කර සිටියේ

මෙලෙස මියගොස් ඇත්තේ ගෝනහද්දනාව, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි, පුද්ගලික ඉස්ෂුවරන්ස් ආයතනයක සේවයකළ 30 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා තල්ගහවැව ප්‍රදේශයේ සිට රත්මල්ගහවැව දෙසට සිය යතුරු පැදියෙන් ගමන්කර තිබෙනවා

රත්මල්ගහවැව දෙස සිට තල්ගහවැව දෙසට තවත් යතුරු පැදියකින් දෙදෙනෙකු පැමිණ ඇති අතර එම යතුරු පැදිය සහ මිය ගිය පුද්ගලයාගේ යතුරු පැදිය මුහුණට මුහණ ගැටීමෙන් තල්ගහවැව 4 කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි මැදවච්චිය පොලිසිය සඳහන් කර සිටියේ.

එහිදී එම ස්ථානයේදීම එක් පුද්ගලයෙකු මියගිය අතර අනතුරින් තුවාල ලැබූ දෙදෙනා ප්‍රදේශවාසීන්ගේ සහ 1990 ගිලන්රථ සේවයේ සහය ඇතුව මැදවච්චිය රෝහලට ගෙනගොස් තිබෙනවා.

අනතුරුව මූලික ප්‍රථිකාර සිදුකිරීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත තුවාලකරුවන් මාරු කර යැවීමට රෝහල් බලධාරින් කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ

මෙම අනතුර පිළිබඳ මැදවච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.