Published
පවතින නිරිතදිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ මදුරු ඝණත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා ලබන 30 වනදා සිට ජූලි මස 05 වනදා දක්වා දිවයිනේ දිස්ත්‍රික්ක 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ ඊයේ දිනය වන විට ඩෙංගු රෝගීන් 26,675ක් මෙම වසරේදී වාර්තා වී තිබූ බවයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 111ක් ආවරණය වන පරිදි ලබන 30 වනදා සිට මදුරු මර්දන සතිය ක්‍රියාත්මක වන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය කියා සිටියේ.
මේ දිනවල වෛරස් උණ වර්ග කිහිපයක් පැතිර යන බැවින් දින දෙකක් ඇතුළත උණ රෝගීන් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත් වන බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.