ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරුන් 04 දෙනෙකුට සහ පොලිස් පරික්‍ෂකවරයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා ලබා දුන් නියෝගයකට අනුවයි.

උප්පුවේලි, වේවැල්වත්ත, හුංගම යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ද ඒ අතරට අයත්.

එලෙස ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් 05 දෙනා අතරේ හුංගම පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ ඩබ්ලිව් පී එස් පුෂ්පකුමාර මහතා ඇඹිලිපිටිය කොට්ඨාසය වෙත මාරු කර තිබීම විශේෂත්වයක්. ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන්