Published
කැලණි ගඟේ නාගලගම් වීදියේ ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම අද උදෑසන වන විට අඩි 8.3 ඉක්මවා ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් කැලණි ගඟ දකුණු ඉවුරේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවේ පදිංචිකරුවන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
අඹතලේ ප්‍රදේශයෙන් මාලඹේ ප්‍රදේශයට ජලය ඇතුළුවීමක් සිදු වන බැවින් අදාළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් වැඩිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.




