නාවික හමුදාව හා සංවිධානාත්මක කණ්ඩායමක් අතර ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු තීරයේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා.
ඒ, මෙම කණ්ඩායම අදාළ නාවික හමුදා යාත්‍රාව වට කරමින් පැමිණ යාත්‍රාව පැහැරගෙන යෑමට තැත් කිරීමත් සමගයි.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව ඊයේ මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේදීයි.
මෙහිදී අදාළ කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොරබැදීමක් සිදුව තිබෙනවා.
පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබුණා.
කෙසේවෙතත් මෙම කණ්ඩායම ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමග එක් නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුගේ පිට ප්‍රදේශයට වෙඩිවැදී ඇති බව නාවික හමුදාව පැවසුවා.
වෙඩි වැදුණු එම පුද්ගලයා සහ සිද්ධියෙන් තුවාල ලැබූ නාවික හමුදාවේ දෙදෙනෙකු ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.