Published
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ දේශීයව බඩඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමටයි යෝජනා කර තිබුණේ.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙටි්‍රක්ටොන් 18,000ක් වන අතර මාසික අවශ්‍යතාව මෙටි්‍රක්ටොන් 1,500ක් වනවා.
සියලුම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 06ට වැඩි ළඳරුවන් හා අවුරුදු 05ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලබනවා.