ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව ඇති පරික්ෂාවකින් තොරව වරායෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක් අදහස් පළ කළා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ අදාළ බහාලුම් තුළ නීති විරෝධී හෝ සැක කටයුතු කිසිවක් රැගෙනවිත් නැති බවයි.