Published
ජුලි මස පළමුවනදා සිට ක්රියාත්මක වීමට නියමිත බස් ගාස්තු අඩුවීමේදී මේ මාසය අවසානයේ සිදුවන ඉන්ධන මිලෙහි වෙනස සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට සිදුවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් ලක්මිණී ජයවර්ධන මහත්මිය සඳහන් කළේ දැනට පවතින තත්ත්වය හමුවේ සියයට දෙකයි දශම පහකින් බස් ගාස්තු අඩු කිරීමට හැකි බවයි.
සියයට දෙකයි දශම පහකින් බස් ගාස්තු අඩුවීම සිදු වුවහොත් අවම බස් ගාස්තුවෙහි කිසිදු වෙනසක සිදු වන්නේ නැහැ. උපරිම බස් ගාස්තුව අඩුවන්නේ රුපියල් 54කින්.