තායිලන්තයේ පැවති එක්සත් ගෝලීය සාමසාධක ෆෙඩරල් කවුන්සිලයේ වසර අවසාන සමාලෝචන සැසියේ දී ශ්‍රී ලාංකීය ජනතාව පත් වී සිටින ආපදා තත්වයට පිළියමක් ලෙස සෞඛ්‍ය නගා සිටුවීම සදහා ආධාර අවශ්‍ය බවට කළ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර ලැබී තිබෙනවා.
එහි ගොස් සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ ප්‍රධාන අධ්යක්ෂ ආචාර්ය දිමුතු බාලසූරිය මහතා මෙම ඉල්ලීම සිදු කර තිබුනා.
ආසියානූ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ආචාර්ය දිමුතු බාලසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසඊයේ රාත්‍රීයෙදී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී මේ බව පවසා සිටියා
මෙම සමුළුව ලෝකයේ රටවල් 55 ක සාමසාධක නියෝජිත කණ්ඩායම් වල සහභාගීත්වයෙන් ඉකුත් 12/14 සහ 12/15 යන දෙදින තුළ තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබෙනවා.
මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානූ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ආචාර්ය දිමුතු බාලසූරිය මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වී තිබුණි .
එහිදී තමන් මෙම ඉල්ලීම සිදු කළ බවත් , ඒ සදහා එම සමුළුවට සහභාගී වී සිටි නියෝජිත පිරිස් වෙතින් සාධනීය ප්‍රතිචාර පළ වූ බවත් ආචාර්ය දිමුතු බාලසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ
ශ්‍රී ලංකා මානව හිමිකම් නියෝජිත පිරිස 12/20 දින රාත්‍රී 10.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුනා.





