තඹලගමුව පොලිස් වසමේ ත්රීකුණාමලය අඹේපුස්ස මාර්ගයේ පාලම්පටාර් පාලම ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ දින ත්රීකුණාමලය දෙස සිට කන්තලේ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයා ධාවනය වෙමින් තිබූ බස් රථයේ පාපුවරුවෙන් ඇද වැටී ඇති අතර තුවාල ලබා සිටි කොන්දොස්තරවරයා තඹලගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබු බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
මියගිය කොන්දොස්තරවරයා වයස අවුරුදු 44 ක් වූ ත්රීකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය තඹලගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තඹලගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ඊයේ රාත්රී කාලයේ කැස්බෑව පොලිස් වසමේ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ ආයුර්වේද හන්දිය අසලදී කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
එම අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබු බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
ත්රීරෝද රථයේ රියදුරුද තුවාල ලබා පිළියන්දල රෝහල වෙත ඇතුලත් කර ප්රථිකාර ලබනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72 ක් වූ මඩපාත ප්රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




