දෛනිකව රිය අනතුරු වාර්තා වන පසුබිමක දැන් වෙනදාටත් වඩා රිය අනතුරු සම්බන්ධයෙන් කතාබහක් මතු වී තිබෙනවා.

ඒ, දින දෙකක් තුළ සිදුවූ රිය අනතුරු දෙකකින් පාසල් දැරියන් තිදෙනෙකු මිය යාමත් සමගයි.

දිනෙන් දින සිදුවන රිය අනතුරු පාලනයට වැඩපිළිවෙලක් නැද්ද? සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා.

මේ වන විට මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමෙන් සිදුවන අනතුරුවලට වඩා විඩාව හේතුවෙන් සිදුවන අනතුරු වැඩි වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ගත වූ පැය 24 තුළද ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු හතරකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.