තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.ඒ.ආර්. නිහාල් මහතා.

මේ අතර තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයට අදාල කරගෙන ඇති ඉල්ලීම් 19යෙන් වැඩි ප්‍රමාණයක් රජය විසින් මේ වන විට ඉටුකර ඇති හෝ ඉටුකරමින් පවතින කරුණු බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා. එම ඇතැම් ඉල්ලීම් ඉටුකළ නොහැකි රජයේ ප්‍රතිපත්තිමය කරුණු වන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තැපැල්පතිවරයා කියා සිටියේ. වර්ජනයේ නිරත කණ්ඩායම් ඉල්ලා සිටින එහෙත් ඉස්මතු නොකරන ඉල්ලීම් පවතින බවද තැපැල්පති රුවන් සත්කුමාර මහතා එහිදී කියා සිටියා.