අතිකාල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය තැපැල්පතිවරයා විසින් නිවැරදි නොකළහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසුවේ එම ප්‍රකාශය නිවැරදි කරන ලෙසට තැපැල්පතිවරයාට දැනුම් දුන්නද ඔහු තවදුරටත් මුණිවත රකිමින් සිටින බවයි.

තැපැල්පතිවරයා සිදු කළ ප්‍රකාශය සහ ඊට එරෙහිව මෙතෙක් ගනු ලැබූ පියවර සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කළා.