Published
ඊයේ සවස මතුගම වෝගන් වත්ත ප්රදේශයේදී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමක් සිදුකර තිබෙනවා.
එම ඝාතනයෙන් පසුව එම ඝාතනය සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයාගේ දොඩංගොඩ පොලිස් වසමට අයත් පුහාඹුගොඩ ප්රදේශයේ නිවස පුද්ගල කණ්ඩායමක් විසින් ගිනි තබා ඇති ආකාරය දැක ගන්නට ලැබුණා.
මෙම ගිනි තැබීමෙන් කිසිදු පුද්ගලයකුට හානියක් සිදුව නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.





