තිරප්පනේ ඒරුවැව ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තිරප්පනේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ලබුනොරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.