Published
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලක් ගැන තොරතුරු සොයා බැලීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කළ තිස්සමහාරාමය පොලිසියේ ජංගම පොලිස් කැබ් රථයක් ඊයේ රාත්රී කාලයේදී සොරාගැනීමට ලක්ව තිබෙනවා. ඒ, පොලිස් නිලධාරින් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් 119 අංකයට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදීයි. ජිප් රථයේ එංජිම ක්රියාත්මකව තිබියදී පොලිස් නිලධාරීන් සියළු දෙනාම පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීමට අදාල රථයෙන් බැස ගොස් ඇති බවත් එම අවස්ථාවේදී කිසියම් අයෙකු විසින් එම රථය ධාවනය කරගෙන ගොස් ඇති බවත් වාර්තා වුණා. ඒ අනුව අදාල පොලිස් රථය සොයා පුළුල් මෙහෙයුමක්ද ක්රියාත්මක කර තිබෙනවා. පසුව අදාල පොලිස් රථය සොරාගෙන ගිය ස්ථානයේ සිට කිලෝ මීටර් 02ක පමණ දුරින් වූ මාර්ගයක දමාගොස් තිබියදී සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.