තිස්සමහාරාම, මුතියම්මාගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිස්සමහාරාම, සඳුන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ඊයේ පස්වරුවේ අදාල වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබෙනවා.

පුද්ගලික ආරවුලක් මත එම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.