Published
නිට්ටඹුව, තිහාරිය ප්රදේශයේ තෙමහල් ගොඩනැල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
විදුලි උපකරණ අලෙවිකරණ ගොඩනැගිල්ලක ඉහළ මහළයේ අද (21) දහවල් මෙම ගින්න හටගෙන තිබු අතර මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
ගිනි ගැනීම අතරතුර කොළඹ නුවර ප්රධාන මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා තිබූ අතර, මේ වනවිට එය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
ගිනි ගැනීමෙන් සිදුවු හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති බවයි පොලිසිය සඳහන් කර සිටියේ




