ලංකා දුම්රිය නියාමක සංගමය සහ දුම්රිය බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.

ඒ, දුම්රිය මූලස්ථානයේදීයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 18 වනදා මධ්‍යම රාත්‍රියේ එම සංගමය පැය 48ක වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

කෙසේවෙතත් දුම්රිය බලධාරින් සාකච්ඡාවක් ලබා දීම හේතුවෙන් තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමටයි එම සංගමය පසුගිය 19 වනදා තීරණය කළේ.

ඒ අනුව දුම්රිය බලධාරීන් සිය ගැටලුවලට අද දිනයේ විසඳුම් ලබා නොදුනහොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි ලංකා දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් මහතා පැවසුවේ.

දුම්රිය නියාමකවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.