Published
පකිස්ථානයේදී පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.
ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමගයි.
මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරඟ දෙකෙන්ම පරාජයට පත් වුණා.
ඒ අනුව මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයට සහභාගී වීම සඳහා බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟය ජය ගැනීම අත්‍යවශ්‍ය වනවා.
රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 06යි 30ට ආරම්භ වීමට නියමිතයි.




