Published
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියම කළා. ඒ, වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළා.