Published
ඉදිරි වසර 05 ඇතුළත තේ කර්මාන්තයේ නියැළී සිටින පුද්ගලයන්ට මුහුණපෑමට සිදුවන ගැටලුව වන්නේ තේ කර්මන්තයට සුදුසුකම් තිබෙන ශ්‍රමිකයින්ගේ හිඟයක් නිර්මාණය වීම බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ තේ කර්මාන්තය ඉදිරියටත් පවත්වාගෙන යාමට නම් ඒ සඳහා ලැදියාවක් සහ කුසලතාවක් ඇති පිරිසක් බිහි කළ යුතු බවයි.
කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම කෘෂිකර්මාන්තයේද වර්ධනයක් ලබා ගැනීමට නම් රටේ පාලනයත් යහපත් මට්ටමක පැවතිය යුතු බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
රට තුළ මේ වන විට දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ 35 වන වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරුන් මෙමඅදහස් පළ කළා.




