“පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය” වැඩසටහන යටතේ මෙම වසරේ පළමු මාස 03 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික පත් පිළිගැන්වීම සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ සිදු කෙරුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

ඒඅනුව, රුපියල් මිලියන 227කට වැඩි මූල්‍ය පහසුකම් එම ව්‍යාපෘතිලාභීන් වෙත ලබා දීමට නියමිතයි.

එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා එහිදී මෙලෙස අදහස් පළ කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා.