ගංවතුර හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරු ඇතුල්වීමේ හා පිටවීමේ දොරටුව සහ අතුරුගිරිය අනුපාලක ස්ථානයේ ඇතුල්වීමේ හා පිටවීමේ දොරටුව අද යළි විවෘත කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළා.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවුසවේ පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණු මාර්ග 159ක් මේ වන විට යළි විවෘත කර ඇති බවයි.

යළි විවෘත කළ මාර්ග අතරට ප්‍රධාන මාර්ග 05ක් ද ඇතුළත් බව එම අධිකාරිය පැවසුවා.

ඒ අනුව කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව මාර්ගය, මහනුවර - මහියංගනය - පදියතලාව මාර්ගය, අබේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය මාර්ගය, කටුගස්තොට - කුරුණෑගල - පුත්තලම මාර්ගය සහ පෑලියගොඩ - පුත්තලම මාර්ගය ඇතුළු තවත් මාර්ග ගණනාවක් යළි විවෘත කළ මාර්ග අතරට අයත් බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.