දකුණු ආසියාව පුරා සුළි කුණාටු තුනක දුර්ලභ පොකුරක් නිර්මාණය වෙමින් පවතිනවා
මෙම සුළි කුණාටු ත්‍රිත්වය දිට්වා , සෙන්යාර් සහ කෝටෝ ලෙසින් නම් වනවා.
කාලගුණ චන්ද්‍රිකා දත්ත මගින් පෙන්නුම් කරන්නේ මෙම සුළි කුණාටු තුනේ පොකුර යම් රටාවකට නිර්මාණය වී ඇති බවයි.
බෙංගාල බොක්ක, මලක්කා සමුද්‍ර සන්ධිය සහ දකුණු චීන මුහුද මත මෙම සුළි කුණාටු එකවර නිර්මාණය වීම විශේෂත්වයක්.
මේ හේතුවෙන් මේ වනවිට රටවල් කිහිපයක ධාරානිපාත වර්ෂා සහ මහා ගංවතුර තත්ත්වයක්ද ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නිරිතදිග බෙංගාල බොක්කෙහි පවතින දිට්වා සුළි කුණාටුව නොවැම්බර් 30 වන විට දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත්, දිට්වා විසින් ගෙන එන ගිගුරුම් සහිත වැසි නොවැම්බර් 30 දින දකුණු ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යාඥයන් සඳහන් කළා.
දකුණු චීන මුහුදේ පවතින කෝටෝ සුළි කුණාටුව දුර්වල වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.
එය දෙසැම්බර් 3 වනදා පමණ වියට්නාමය පසු කිරීමෙන් පසු තීව්‍රතාවය අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මැලේසියාව සහ ඉන්දුනීසියාව අතර සිරවී ඇති සෙන්යාර් සුළි කුණාටුව දැනටමත් විසුරුවා හැර ඇති බව සඳහන්.
එසේ වුවද, එය තවමත් එම කලාපයේ දැඩි ගිගුරුම් සහිත වැසි ජනනය කරමින් පවතිනවා.
මෙම දුර්ලභ නිවර්තන සුළි කුණාටු පොකුර ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය සහ වියට්නාමය වෙත දැඩි මෝසම් ගිගුරුම් සහිත වැසි ඇතිවී තිබෙනවා.
මෙම කුණාටු ත්‍රිත්වය, දරුණු ගංවතුර, නායයෑම් සහ ගංගා පිටාර ගැලීමට හේතු වී තිබෙන අතර මේ හේතුවෙන් රටවල් හරහා විශාල පිරිසක් මිය ගොස් ඇති අතර තවත් මිලියන ගණනක් ජනතාවට තම නිවෙස් අත්හැර යාමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
චන්ද්‍රිකා, රේඩාර් සහ භූමි මිනුම් ඒකාබද්ධ කිරීමෙන් ගණනය කරන ලද දත්තවලට අනුව කුණාටු බලපාන බොහෝ ප්‍රදේශවලට පැයකට මිලිමීටර් 53-100 ට වඩා වැඩි අධික වර්ෂාපතන අගයන් පෙන්නුම් කරනවා.
දරුණුතම බලපෑමට ලක් වූ සමහර ස්ථාන, විශේෂයෙන් ශ්‍රී ලංකාව, පසුගිය පැය 48 තුළ පැයකට මිලිමීටර් 300 කට වඩා වැඩි වර්ෂාපතනයක් අත්විඳ තිබුණා.
දිට්වා, සෙන්යාර් සහ කෝටෝ යන කුණාටු එකවර ඇතිවීම අසාමාන්‍ය ලෙස පෙනුණද, බෙංගාල බොක්ක සහ බටහිර උතුරු පැසිෆික් කලාපයට මෙම කාලසීමාවේදී ඒවා ඇතිවීම පෙර නොවූ විරූ තත්ත්වයක් නොවන බවයි එංගලන්තයේ රීඩින් විශ්ව විද්‍යාලයේ කාලගුණ විද්‍යාඥ ආචාර්ය අක්ෂේ දියෝරාස් පැහැදිලි කර ඇත්තේ
කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ප්‍රබල කුණාටු ඇති කිරීමට අපේක්ෂා නොකරන තත්වයන් යටතේ පද්ධති තුනම නිර්මාණය වීම නිසා කැපී පෙනෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.




