වසර 6ක් තුළ 20% ක ප්‍රමාණයකින් දකුණු කොරියාවේ හමුදා භට සංඛ්‍යාව අඩු වී තිබෙනවා එරට ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ නිකුත්කළ නවතම වාර්තාවක දක්වා ඇත්තේ අඩු උපත් අනුපාතය හේතුවෙන් හමුදා භටයින්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බවයි එය කාන්තාවකට ළදරුවන් 0.75 ක් වන අතර එය ලෝකයේ අඩුම අගය වනවා. ඒ අන්‍යව මේ වනවිට 450,000ක් දක්වා සිය හමුදා භටයින් අඩු වී වී ඇති කොරියානු බලධාරීන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දකුණු කොරියානු පර්යේෂකයින් විසින් ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් යෝජනා කර තිබුණේ උතුරෙන් එල්ල වන ප්‍රහාරයකින් ආරක්ෂා වීමට නම් රටට අවම වශයෙන් සොල්දාදුවන් 500,000 ක් අවශ්‍ය වනු ඇති බවයි. ඒ අනුව එරට අවම හමුදා භටයින් ලක්ෂ 5ක ප්‍රමාණය පවත්වා ගැනීමට ජාතික මට්ටමින් තීරණාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය බව කොරියානු බලධාරීන්ගේ මතය වී තිබේ. දකුණු කොරියාවේ, සියලුම ශක්තිමත් පිරිමින් මාස 18 ක හමුදා සේවයක් කළ යුතු වනවා. දකුණු කොරියාවේ උපත් අනුපාතය 2018 දී මවකට ළදරුවන් 0.98ක් ලෙසත්, 2020 දී එය 0.84ක් ලෙසත්, 2023 දී 0.72ක් සහ 2024 දී එය 0.75ක් ලෙසත් අඩු වී තිබෙනවා. මෙම ප්‍රවණතාවය දිගින් දිගටම පැවතුනහොත් දකුණු කොරියාවේ වත්මන් ජනගහනය වන මිලියන 50ක් වැනි සංඛ්‍යාව, වසර 60කින් අඩකින් අඩුවිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ.