දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 62 වියේ පසුවුණා.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද අලුයම එලෙස ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

බන්දුල හරිස්චන්ද්‍ර මහතා අමාත්‍යාංශ ලේකම්වරයෙකු සහ දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම රජයේ ආයතන කිහිපයක ප්‍රධානි තනතුරු ඇතුළු තනතුරු කිහිපයක්ම දරා ඇති ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බන්දුල හරිස්චන්ද්‍ර මහතා දකුණු පළාත් ආණ්ඩුකාර තනතුරට පත් කළේ ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වනදායි.