Published
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය දා විවෘත කළ දඹුල්ලේ, උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ කිසිදු කටයුත්තක් මේ දක්වා සිදුව නොමැති බව විපක්ෂයේ දේශපාලඥයින් චෝදනා කරනවා. එහි කටයුතු ආරම්භයට පෙරම රුපියල් ලක්ෂ 84කට අධික විදුලි බිලක් ලැබී ඇති බවයි ඔවුන් පැවසුවේ. අදාළ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මේ වනවිට එම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ විදුලියද විසන්ධි කර ඇතැයි පැවසෙනවා. මෙම කරුණු අනාවරණ වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, සංජීව එදිරිමාන්න, ප්‍රේමණාත් සී දොළවත්ත, සුගීෂ්වර බණ්ඩාර, නිමල් පියතිස්ස සහ දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිසක් එහි පැමිණි අවස්ථාවේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ යෝජනාවකට අනුව ඉන්දියානු රජයේ ආධාර ඇතිව මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඉදිකර තිබුණා. එහි විවෘත කිරීම ඉකුත් අප්‍රේල් මස 5 වෙනිදා සිදුවුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත් වීමෙන්.