ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සඳහා වු පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ සංශෝධන අනවශ්‍ය නම් පවතින ආකාරයෙන්ම එය පවත්වාගෙන යාමට වුවද හැකියාවක් පවතින බවයි.

විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පවතින වත්මන් තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් පළ කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මත්ද්‍රව්‍ය ජාවාම් මැඩලීමේ වර්තමාන මෙහෙයුම්වල ප්‍රගතියද මෙහිදී අනාවරණ කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ මහනුවර පැවති උත්සවයේදී අදහස් දක්වමින්.