Published
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ගුරුවරුන්ට කිසිදු අගතියක් නොවන බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය පැවසුවේ අදාළ සංශෝධිත පනත සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර ඉන් අනතුරුව තීරණයක් ගන්නා බවයි. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සිදු කළ වැඩමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ට පවා නිසි අවබෝධයක් නැති බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසුවේ මේ සම්බන්ධනේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි.