Published
ඓතිහාසික, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ දවල් පෙරහැර අද පස්වරු 02යි 17ට වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. එම පෙරහැර නැරඹීමටද බොහෝ පිරිසක් මහනුවර නගරයේ රැඳී සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.
මේ අතර, දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විශ්ණු දේවාලයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ පස්වරුවේ වීථි සංචාරය කෙරුණා. ලබන 17 වනදා දේව දානය පිරිනැමීමෙන් අනතුරුව මෙවර දෙවිනුවර ඇසළ මහා මංගල්‍යය නිමාවට පත් වනවා. ඒ පිළිබඳ තවත් තොරතුරු එම දේවාල භූමියේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී.කේ. මහින්දගෙන්.