Published
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් විවිධ අදහස් පළ කළා.
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ රට තුළට පැමිණෙන ආයෝජකයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගන්නා සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කළ බවයි.
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන් තමන්ටද සැකයක් මතුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඔහු පැවසුවේ රජය මේ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවයි.
පවතින දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
ආණ්ඩුවට එරෙහිව ලබන 21 වනදා පවත්වන රැළියට සමගි ජන බලවේගයටද විවෘතව ආරාධනා කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත මහතා පැවසුවේ.




