දැදුරුඔය පාලම ආසන්නයේ ඊයේ පස්වරුවේ සිදුවූ දිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 12, 16, 19 සහ 27 වන වයස්වල පසුවූ මාකොළ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිව සිටි පිරිසක්. විනෝද චාරිකාවක් සදහා පැමිණ දියනාමින් සිටියදී ඔවුන් එම අනතුරට මුහුණ පා තිබුණා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ විනෝද චාරිකාවල යන පිරිස් මුහුදේ සහ අනෙකුත් ජලාශයන්හි දිය නෑමට යාමේදී වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි. මේ, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.

අවදාදාත්මක නිවේදනයන් නොතකා කටයුතු කිරීම මෙවැනි අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.