රටටත් ජනතාවටත් වැදගත් සංගණනයක වාර්තාවක් මේ වන විට එළිදැක තිබෙනවා. ඒ, 2024 ජන හා නිවාස සංගණන වාර්තාවයි. එමගින් රටේ අනාගතය ගැන අලුත් මානයක් අනාවරණය වී තිබෙනවා. මේ සටහන ඒ ගැනයි.

 

ඔබ දන්නවාද? මේ වෙද්දී රටේ ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂ හැට තුන්දහස් එකසිය හැත්තෑවක්. එය 2012 ජන හා නිවාස සංගණනයේදී වාර්තා වූ මුල් ජන ගහනයට වඩා මෙවර ජන ගහනය දාහතර ලක්ෂ තුන්දහස් හත්සිය හැත්තෑ එකක වැඩිවීමක්. කෙසේවෙතත් රටේ අනාගතයට වැදගත් ළමා පරපුරේ වර්ධනය සැලකිය යුතු ලෙස වැඩිවී තිබෙනවා.

රටේ වැඩිහිටියන්ට සිදුව තිබෙන්නේ කුමක්ද?

පුද්ගලයින් සියයක් ගත් විට දැන් රටේ යැපෙන්නන් සංඛ්‍යාව 50කට ආසන්නයි.

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ අනාගතය කුමක් වෙයිද?

මෙම සංගණනයේදී අනාවරණය වූ තොරතුරු අතරින් මේ වන විට කාගේත් කතාබහට ලක්ව ඇත්තේ “පුමිතිරි අනුපාතය” හෙවත් ස්ත්‍රී - පුරුෂ අනුපාතයයි. එසේත් නැතිනම් සෑම කාන්තාවන් සියදෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවයි. නවතම සංගණනයේදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් සිය දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93ක් බවයි.