Published
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඒ වනවිට වගා කර තිබූ උඩරට එළවළුවලින් සියයට 40ක හානි සිදුව ඇතැයි බෝග විද්‍යා පිළිබද ජේ්‍යෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ පහතරට එළවළු වගා භූමිද සියයට 40 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.
මේ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හෙක්ටයාර් 27,000 ක වගා භූමිවලට හානි සිදුව ඇතැයි අනාවරණ කර ගෙන තිබෙනවා.
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා පැවසුවේ වගා හානි වූ ගොවීන් 9,800 කට වැඩි පිරිසකට දැනටමත් වන්දි ගෙවා ඇති බවයි.
ගොවීන්ට ලබාදෙන විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.
ගොවි විශ්‍රාම වැටුප් සදහා මාසිකව රුපියල් මිලියන 475 ක් වෙන් කරන බවයි කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ.




