Published
‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදාවලින් මියගිය බවට තහවුරු කරගෙන ඇති පුද්ගලයින් ගණන මේ වන විට 607ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 214 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. බලපෑමට ලක්ව සිටින පුද්ගලයින් ගණන විසි ලක්ෂ අසූ දෙදහස් එකසිය අනූ පහක්.
පුද්ගලයන් එක් ලක්ෂ පනස් දෙදහස් පන්සිය තිස් හත් දෙනෙකු තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානවල රදවා සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.



