‘දිට්වා’ ආපදා හේතුවෙන් දැඩි ලෙස හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල කොටස යතාවත් කිරීමෙන් පසු එහි දුම්රිය ගමන් අද පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව අද පෙරවරු 08.00ට බදුල්ල - අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබුවේ එහි මංගල ගමන සනිටුහන් කරමින්.
එලෙස උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් ධාවන වූයේ ‘දිට්වා’ ආපදාවෙන් දින 23කට පසුවයි.
නුවරඑළිය හා ඇල්ල ප්‍රදේශයන්ට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ඉහළ තෝරා ගැනීමක් ලෙස උඩරට දුම්රිය ගමන් සැලකෙන අතර, ඒ හේතුවෙන් එම මාර්ගයේ නවීකරණ කටයුතු කඩිනම් කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල අතර දුම්රිය ගමන්වාර කිහිපයක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම අවස්ථාවට එක්ව සිටි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා කියා සිටියේ ලබන වසරේ අප්‍රේල් මාසයට ප්‍රථම නානුඔය සිට බදුල්ල දක්වා දුම්රිය ධාවන කටයුතු සිදු කිරිමට අපේක්ෂා කරන බවයි.




