බොල්ගොඩ ගගේ පැය කිහිපයක් තිස්සේ කරවටක් ගිලෙමින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් වෙමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් බෝට්ටුවකින් ගොස් බේරා ගැනීමට පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරය හා එම එම ප්‍රදේශයේ සෞඛ්‍ය සේව නිලධාරිනියක් කටයුතු කළ පුවතක් වාර්තා වනවා.
පානදුර- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අනුයුක්තව සේවයකරන ගොරකාන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තේජා චන්ද්‍රලේඛා ලියනගේ මහත්මියට ප්‍රදේශවාසී කාන්තාවන් පිරිසක් විසින් කරන ලද දැනුම් දීමක් මත වහා ක්‍රියාත්මක වූ ඇය 119 මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව එම මොහොතේ රාජකාරී කටයුත්තකට යාමට සැරසී සිටි පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සරත්චන්ද්‍ර මහතා වහා තම නිලධාරීන්ද කැටුව ගොරකාන නෙළුම් මාවත බොල්ගොඩ ගඟ ප්‍රදේශයට ඉක්මනින්ම එම ස්ථානය වෙත පැමිනි බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
පසුව එන්ජිම අඩපණ වූ බෝට්ටුවකට නැගගත් පොලිස් ස්ථානාධිපතිවරයා තම නිලධාරීන් කීප දෙනෙක් සමග පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියත් බෝට්ටුව වෙත නංවා මෙම වයෝවෘද්ධ කාන්තාව බේරා ගැනීම සඳහා හබලක ආධාරයෙන් බොල්ගොඩ ගඟ මැද වෙත ගමන් කර තිබෙනවා.
ඒ අවස්ථාවේ එම කාන්තාව දැලක පැටලී සිට ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය එක්ව කාන්තාව දියෙන් ගොඩට ගෙන බෝට්ටුවේ නංවාගෙන ඉතා අසීරුවෙන් මෙගොඩට පැමිණ තිබෙනවා.
අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීම මත ප්‍රදේශවාසීන් විසින් එම කාන්තාවට ඇඳුම් පැළඳුම් ලබා දී මට කටයුතු කල බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
මෙසේ දිවි බේරාගෙන ඇත්තේ හපුතලේ පදිංචි 67 හැවිරි.දි පොන්නන් කාමිච්චි නම් වයෝවෘද්ධ කතකි
ඇය උදෑසන බොල්ගොඩ ගඟේ මූහුණ සෝදමින් සිටින අවස්ථාවේ ඇයට ක්ලාන්ත ගතියක් ඇති වී ඇති අතර අනතුරුව ගඟට වැටි ඇය ගසා ගොස් ඇති බව පොලිසිය සඳහන් කර සිටියේ
පානදුර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්‌ස සරච්චන්ද්‍ර පො කො 93 610 ප්‍රබුද්ධ බණ්ඩාර පො කො 28765 කවිශ්ක බණ්ඩාර පො කො රි 91862 බහුකාර්‍ය් නිලධාරි සුමිත් පරික්ශණ සිදු කරති .
Published