ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අද දිනයේද ක්‍රියාත්මක වනවා.
ඒ, සිව්වන දිනටයි.
පසුගිය දින තුන පුරා විශාල පිරිසක් අභ්‍යාස පොත් ඇතුලු පාසල් උපකරණ රැසක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරමින් මෙම වැඩසටහනට සිය දායකත්වය එක් කළා.
තවත් බොහෝ පාර්ශවයක් මෙම වැඩසටහන සමගින් එක්වීමට සූදානම්ව සිටීම හේතුවෙන් අද දිනයේද දිවයින පුරා පිහිටි ස්ථාන රැසකදී දිරිය නෙත් නැණ සවිය සමාජ සත්කාරක වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනෙනවා.
සරසවි සමූහ ව්‍යාපාරයද දිරිය නෙත් නැණ සවිය ප්‍රජා සත්කාරක වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටිනවා. එම ආයතනයේ ශාඛා අධීක්‍ෂක අසේල දිවාකර මහතා දිරිය නෙත් නැණ සවිය සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළකළේ මෙලෙසයි.
කොල්ලුපිටියේ 05 වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ පිහිටි නෙත් එෆ් එම් මෙහෙයුම් කාර්යාලය වෙත මෙම වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනෙනවා.
නෙත් සමාජ සත්කාරක වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනෙන තවත් මධ්‍යස්ථාන රැසක් දිවයින පුරා ක්‍රියාත්මකයි.
දිවයින පුරා පිහිටි සරසවි පොත්හල් සහ ඩී එස් අයි ප්‍රදර්ශනාගාර, කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය, කළුතර විද්‍යාලය, අම්බලන්තොට මහා විද්‍යාලය, ගාල්ල උඩුගම ජාතික පාසල, බණ්ඩාරවෙල විශාකා විද්‍යාලය, බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය සහ බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය වෙතද ඔබගේ පරිත්‍යාග භාර දිය හැකියි.
බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය, හාතාගල රජමහා විහාරස්ථානය වෙතද දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සඳහා ඔබගේ පරිත්‍යාග භාර ගැනෙනවා.


