ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝවේ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය අද පෙරවරුවේ ආරම්භ වුණා.
ඒ අනුව ඔබටද අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසැල් උපකරණ අපට භාරදී මේ සදහා එක්විය හැකියි.
එම කටයුත්ත සදහා මේ වනවිටත් ප්‍රධාන පාර්ශව කිහිපයක් නෙත් එෆ් එම් රේඩියෝව සමග අත්වැල් බැදගෙන සිටිනවා.
ඉන් එක් පාර්ශවයක් වන්නේ සරසවි සමූහ ආයතනයයි.
නෙත් එෆ් එම් රේඩියෝවේ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහනට සිය සමාගම දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් එහි සභාපති එච් ඩී ප්‍රේමසිරි මහතා මෙලෙස අදහස් පළ කළා.
දැයේ දරුවන් වෙනුවෙන් ආරම්භ කළ එම සමාජ සත්කාරය සදහා නෙත් එෆ් එම් රේඩියෝව සමග අත්බැල් බැදගත් තවත් පර්ශවයක් වන්නේ ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමයි.
එහි අළෙවි ප්‍රධානී හරිත ඉන්දිප මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
ඒ අනුව ඔබට අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසැල් උපකරණ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සරසවි පොත් ශාඛා ජාලය සහ ඩී එස් අයි ප්‍රදර්ශනාගාරයකට භාරදිය හැකි වනවා.
එමෙන්ම පීඩාවට පත් දරුවන්ට පරිත්‍යා කිරීම සදහා ඔබ මිලදී ගන්නා භාණ්ඩවලට විශේෂ වට්ටම් ලබාදීමටද එම ආයතන තීරණය කර තිබෙනවා.
මේ අතර කොල්ලුපිටියේ 5වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලය, බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිරි සංකීර්ණය, කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය, කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගොඩනැගිල්ල වෙත ඔබට සිය පරිත්‍යාග ලබාදිය හැකියි.
එමෙන්ම ගාල්ල, උඩුගම ජාතික පාසල, මාතර මහමායා බාලිකා විද්‍යාලයටද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන සදහා පරිත්‍යාග ලබාදිය හැකි වනවා.
හුංගම, හාතාගල රජමහා විහාරය, අම්බලන්තොට මහා විද්‍යාලය සහ ඇඹිලිපිටිය සම්පත් ෆැෂන් ආයතනය වෙත ද ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සදහා සිය පරිත්‍යාග ලබාදිය හැකියි.
මේ අතර හානියට පත් පාසල් පිරිසිදු කිරීමට මෙන්ම හානියට පත් උපකරණ ලබාදීමට ද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරය යටතේ ඉදිරියේදී සිදුවනවා.



