පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත් අපේම ජනතාවට සවියක් වීම සඳහා මේ වන විට “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මකයි.
ඒ අනුව එම ජනතාව වෙනුවෙන් වියළි ආහාර, වතුර බෝතල් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබටත් පරිත්‍යාග කළ හැකියි.
ඒ සඳහා එම ආධාර භාර දීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 17ක් පිහිටුවා තිබෙනවා.
ඒ අනුව කොල්ලුපිටිය පස්වන පටුමඟේ නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාලය, බම්බලපිටිය දුම්රියපොළ පාර ඕෂන් වීව් ගොඩනැගිල්ල, අනුරාධපුර රුවන්වැලි සෑ මහා විහාරයේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, හිරිඹුර රත්න ෆර්නිචර්ස් ආයතනය, මාතර පල්ලිමුල්ල පරණ පාරේ මනම්පේරී බාත්වෙයාර්, ගාල්ල උඩලමත්ත ශ්‍රී ස්වර්ණබිම්බාරාම විහාරස්ථානය, ඌරාපොළ, මීවිටිගම්මන ශ්‍රී නාලිකේරාරාම ධර්මායතන පිරිවෙන, බලංගොඩ තුඹගොඩ මහ පන්සල සහ අවිස්සාවේල්ල සීතාවකපුර නගර සභාව යන ස්ථානවලට අදාළ පරිත්‍යාගයන් සිදු කළ හැකියි.
එමෙන්ම සදාහරිත ප්ලාන්ටේෂන් ලිමිටඩ්හි ශාඛාවන් වන කළුතර, වත්තල, හොරණ, පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, මාතර සහ ඇඹිලිපිටිය යන ස්ථානවලදීද නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහනට දායක වීමට ඔබට හැකියාව පවතිනවා.
මේ අතර දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් ආධාර භාර ගැනීමේ විශේෂ නෙත් ජංගම රථ සේවයක් අද දිනයේ කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවලදී ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ අනුව පෙරවරු 09 සිට 10:30 දක්වා හොරණ නගරයේත්, පෙරවරු 11 සිට 12: 30 දක්වා හෝමාගම නගරයේත්, පස්වරු 01:30 සිට සවස 03 දක්වා කොට්ටාව නගරයේත්, සවස 04 සිට නුගේගොඩ නගරය තුළත් අපගේ මෙම ජංගම රථ සඳහා ආධාර ගෙනවිත් භාර දීමට හැකි වනවා.
මේ, අද දිනයේ සිදුවන එම කටයුතු පිළිබඳව තොරතුරු ගෙන එන නෙත් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල්.
නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් තවත් තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.
හැමෝම වෙනුවෙන් අපිත් එකට ඉමු - අපි නෙත් එෆ් එම්.




