‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. ඒ අනුව පරිත්‍යාගශීලීන් ලබාදුන් වියළි ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල්, ඇදුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් බෙදාදීම අද දිනයේ සිදු කෙරුණා.
දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සමග කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයද එක්ව සිටිනවා. පසුගිය දින කිහිපයේ සිදු කෙරුණු සමාජ සත්කාරක වැඩසටහන් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත විතාරණ මහතා මෙලෙස අදහස් පළ කළා.
මේ අතර දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන හා එක්ව බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානය මගින් එක්රැස් කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සහනාධාර පීඩාවට පත් ජනතාව වෙත බෙදා දීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොල්ගම්පල ඉන්දානන්ද නාහිමිපාණන් වහන්සේ.
පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සඳහා තවදුරටත් ඔබටද දායකත්වය ලබාදිය හැකියි.
කොල්ලුපිටිය, 5 වන පටුමග නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාලයේදී සහ නෙත් එෆ් එම් මැදිරි සංකීර්ණය පිහිටා ඇති බම්බලපිටිය ඕෂන් වීව් ගොඩනැගිල්ලේදී එම ආධාර භාර ගැනෙනවා.
“දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.
එම අංකය නැවතත් 077 348 77 56.




