Published
ආණ්ඩුවට එරෙහිව ලබන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළියට පෙර තමන්ව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව උත්සාහ දරණ බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
මේ අතර සර්ව ජන බලය පක්ෂය ප්රමුඛව පිහිටුවා ගත් සර්ව ජන සන්ධානයෙන් සිය පක්ෂය මේ වන විට ඉවත් වී ඇති බවයි උදය ගම්මන්පිල මහතා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.




