Published
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද හෙට දිනය දක්වා නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.




