දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු ඇතුලු පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පනාගොඩ යුද හමුදා ඉංජිනේරු බලකා කඳවුර අසලදී විශ්‍රාමික යුද හමුදා නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ, ඔහු ගමන් ගත් යතුරුපැදිය හබරකඩ දෙස සිට ගොඩගම දෙසට ධාවනය කිරීමේදී මාර්ගයේ පෙරලී සිදු වූ අනතුරකින්. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝමිරිය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක්.
මේ අතර ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර, වෙට්ටුමකඩ හන්දිය අසල සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 11ක් වූ පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාර්ගය හරහා පාපැදියකින් ගමන් කළ එම ළමයා ලොරි රථයක ගැටී එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ අතර මැදවච්චිය 149 වන කණුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසුවා. පදවිය, බෝගස් හන්දිය ප්‍රදේශයේ කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක්.
මේ අතර හම්බන්තොට, වාකරේ සහ බෝගස්වැව ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු තුනකින් ද පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.




