දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 01න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර, පුත්තලම, යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.