බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මිය යන විට 92 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ් කුමරු සමඟ කෙන්ට් ආදිපාදවරිය සමග විවාහ වී සිටියා. අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වූ කැතරින් ආර්යාව රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාවද වුණා.