Published
මෙරට දුප්පත් ජනතාව නගා සිටුවීමට වත්මන් රජය කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
ඒ අනුව ඔවුන් මධ්‍යම පාන්තිකයන් බවට පත් කිරීම රජයේ ප්‍රධාන කාර්යයක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ අලෙවිසැලක් මරදාන දුම්රිය ස්ථානයේදී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළා.