දුම් පානය සම්බන්ධයෙන් දැඩි නීති පැනවීමට මාලදිවයින තීරණය කර තිබෙනවා. ඒ අනුව 2007 ජනවාරි 1 වන දින හෝ ඊට පසු උපන් තරුණයින්ට දුම්කොළ ආශ්රිත දුම්පානය තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. එවැනි තහනමක් ක්‍රියාත්මක කළ ලොව එකම රට මාලදිවයින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මාලදිවයින් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ මෙ වයස් සීමාවෙ ්පසුවන තරුණයින්ට රට තුළ දුම්කොළ භාවිතා කිරීම, මිලදී ගැනීම හෝ විකිණීම නීති විරෝධී වනු ඇති බවයි. මෙම තහනම “දුම්කොළවල හානිවලින් තරුණයින් ආරක්ෂා කිරීම සඳහා රජයේ දැඩි කැපවීම පිළිබිඹු කරයි” යනුවෙන් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා. මාලදිවයින් දුම්කොළ පාලන මණ්ඩලයේ උප සභාපති අහමඩ් අෆාල් පැවසුවේ දුම්කොළ රහිත පුරවැසියන්ගේ පරම්පරාවක් සඳහා මෙය යහපත් පියවරක් බවයි. නව තහනම ”සියලු ආකාරයේ දුම්කොළ සඳහා අදාළ වන අතර සිල්ලර වෙළෙන්දන් විකිණීමට පෙර වයස සත්‍යාපනය කිරීමට අවශ්‍ය වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
පසුගිය වසරේදී, මාලදිවයින විසින් ඕනෑම කෙනෙකුට වයස නොතකා ඉලෙක්ට්‍රොනික ඉලෙක්ටි්රක් දුම්වැටි සහ නිෂ්පාදන ආනයනය කිරීම, විකිණීම, සන්තකයේ තබා ගැනීම, භාවිතා කිරීම හෝ බෙදා හැරීම තහනම් කළා.
මාලදිවයිනේ දූපත් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට ද මෙම නීතියට අනුකූල වීමට සිදුවනු ඇති. නමුත් දුම්පානය තහනම් කිරීම සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑමක් ඇති නොකරන බව මාලදිවයින් දුම්කොළ පාලන මණ්ඩලයේ උප සභාපති අහමඩ් අෆාල් පවසනවා. සංචාරක දත්ත උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නව රෙගුලාසි තිබියදීත් සංචාරකයින් සිය සංචාර අවලංගු කර නොමැති බවයි. පසුගිය වසර තුළ සංචාරකයින් පැමිණීම් ද වර්ධනය වී ඇති බව ඔහු පැවසුවා.
වයස් සීමාවන් පදනම් කර ගනිමින් දුම් පානය තහනම් කිරීමට රටවල් කිහිපයක් මීට පෙර විවිධ යෝජනා ගෙන ආවා. නවසීලන්තයද ඒ අතරට අයත්. කෙසේවෙතත් 2023 දී ප්‍රකාශයට පත් කළ වයස් සීමාවන් පදනම් කර ගනිමින් දුම්පානය තහනම් කිරීමේ නවසීලන්ත සැලසුම් නව රජයක් බලයට පත්වීමෙන් පසු අවලංගු කරනු ලැබුවා.
පසුගිය වසරේ, බි්රතාන්යයේ හිටපු අගමැති රිෂි සුනක් ද 2009 හෝ ඊට පසු උපත ලැබූ තරුණයින්ට දුම්පානය තහනම් කරන නීතියක් හඳුන්වා දීමට බලාපොරොත්තු වුවද එය ක්‍රියාත්මක වූයේ නැහැ.

Published